Followers

සිංහල සාහිත්‍යයේ නැගීම - 75 වසරක ගමන්මඟ විමසුම | Literary Discussion - To mark the 75 years of Sinhala Sahithye Naegima by Martin Wickramasinghe

සාහිත්‍ය සාකච්ඡාව - 2021 සැප්තැම්බර් 10 ප.ව. 5.00ට
_________________________________________
මාර්ටින් වික්‍රමමසිංහයන්ගේ ‘සිංහල සාහිත්‍යයේ නැගීම’ පොතක් වශයෙන් පළ වන්නේ 1945 අග භාගයේ දී ය. ඒ අනුව මේ පොත පසුගිය වසර 75ක කාලයක් මුළුල්ලේ මෙරට සිංහල සාහිත්‍ය අධ්‍යනය සඳහා නිර්දේශිත පොතක් ලෙස උසස් අධ්‍යාපන ආයතනවල පමණක් නොව පොදු පාඨකයන් අතර ද භාවිත විය. පොත පළ වී වසර තුනකට පසුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් එම කෘතිය ඉංග්‍රීසියට පර්වර්තනය කරන ලදි. මෙරට සිංහල සාහිත්‍ය අධ්‍යන ඉතිහාසයේ වැදගත් තැනක් හිමි කර ගන්නා ‘සිංහල සාහිත්‍යයේ නැගීම’ පොතට වසර 75ක් සැපිරීම නිමිති කොට ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මෙහෙයවීමෙන් මේ සාහිත්‍ය සාකච්ඡාව පැවැත්වෙන්නේ 2021 සාහිත්‍ය මාසය ද නිමිති කොට ගෙන ය.


Comments