Followers

Publications

 

කුමාරතුංග මුනිදාස අධ්‍යයනය 

Cumaratunga Munidasa Adhyanaya ( Study of Munidasa Cumaratunga) 

Godage: Colombo, 2021, 268p. Rs. 950.00

ISBN 978 - 624 -00 -0081-9

‘කුමාරතුංග මුනිදාස අධ්‍යයනය’ නමැති මේ කෘතියේ අරමුණ වන්නේ කුමාරතුංග මහතාගේ ජිවන චරිතය, භාෂා ශාස්ත්‍රීය සහ සමාජ දේශපාලනික මෙහෙවර ගවේෂණයට ලක් කිරීමයි. මේ කෘතිය මගින් කුමාරතුංග මහතාගේ භාෂා ශාස්ත්‍රීය මෙහෙවර,  භාෂා පරිශුද්ධතාව, භාෂා සැලසුම්කරණය, භාෂා පුනර්ජීවනය, භාෂා රීති ප්‍රතිසංස්කරණය, භාෂා සම්මතකරණය වැනි සමාජවාග්විද්‍යාත්මක සංකල්ප ඔස්සේ විවරණය කෙරේ.

https://godage.com/product/kumarathunga-munidasa-adyayanaya/

__________________________________________________________



සිංහල අකුරු පුරාණය

Sinhala akuru purāṇaya (Chronicle of Sinhala Letters)

Nugegoda: Sarasavi, 2018, 156p. Rs. 1000.00

ISBN 978 -955 – 31-1311-5

සිංහල අකුරු පුරාණය නම් මේ පොතේ අරමුණ වන්නේ සිංහල අකුරුවල ඉතිහාසය හා විකාශය, අකුරුවල හැඩරුව, අක්ෂර මාලාවේ ප‍්‍රභේද, අකාරාදි පිළිවෙළ, අක්ෂර වින්‍යාසය, අකුරු හා බැඳුණු සිරිත් විරිත් හා විශ්වාස, අකුරුවල රූපික අනන්‍යතාව,  සිංහල අකුරුවල මෑතකාලින වෙනස්කම් ආදී මාතෘකා තිස් පහක්  යටතේ සිංහල අකුරු පිළිබඳ කතාන්තරය සරලව ඉදිරිපත් කිරීම යි.

Click to view Sample Pages of සිංහල අකුරු පුරාණය

https://www.sarasavi.lk/sinhala-akuru-puranaya-hc-9553113168

__________________________________________________________


භාෂාව හා සන්නිවේදනය - සමාජවාග්විද්‍යාත්මක විමර්ශනයක්

Bhāṣāva hā sannivēdanaya: samājavāgvidyātmaka vimarśanayak (Language and Communication: a Sociolinguistic Review)

Colombo: Godage, 2nd edition, 2018, [ first edition 2011] 104p. Rs. 250.00

මෙම කෘතියේ අරමුණ වන්නේ සමාජවාග්විද්‍යාත්මක ප්‍රවේශයකින් භාෂාව හා සන්නිවේදනය අතර පවත්නා අන්තර්සම්බන්ධය සිංහල භාෂාව ආශ්‍රයෙන් විමසා බැලීමයි. භාෂාවේ ස්වභාවය, විවිධත්වය හා සන්නිවේදනය මෙන්ම භාෂා ව්‍යවහාරය හා ජනමාධ්‍ය අතර පවත්නා සම්බන්ධය මේ කෘතියේ සාකච්ඡාවට ලක් කෙරේ. 

__________________________________________________________

  


භාෂා විමර්ශන ලිපි

Bhāṣā vimarṣnā lipi  (Critical Essays on Language) Colombo: Godage, 2015, 176p. Rs. 350.00 ISBN 978 – 955 – 30-7312-9

සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිත මාතෘකා 18ක් මුල් කර ගනිමින් රචනා වූ ලිපි සමුච්චයකි. සිංහල භාෂාව හා සමාජවාග්විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම පොදුවේ සිංහල භාෂා විෂයක කරුණු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වන කෘතියකි. 

https://godage.com/product/basha-vimarshana-lipi/

__________________________________________________________


සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය

Sinhala akṣara vinyāsa akārādiya  (Dictionary of Sinhala Spelling) 

Colombo: Godage, 4th edition 2018, [ first edition 2000] 240p. Rs. 500.00 ISBN 978 – 955 – 30 – 6674 – 9

සිංහල ලේඛන ව්‍යවහාරයේ අක්ෂර වින්‍යාසය පිළිබඳ ව කිසියම් ගැටලුවක් මතු වූ විට එය විසඳා ගැනීමට ආධුනිකයන්ට මඟ පෙන්වන අත්පොතකි. න - ණ - ල - ළ භේදය, ශ -ෂ - ස භේදය, අල්පප්‍රාණ - මහාප්‍රාණ අක්ෂර භාවිතය හා අක්ෂර විනාසයේ වෙනත් ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අකාරාදි පිළිවෙළ අනුව පද සංග්‍රහ කොට ඇත. සිංහල අක්ෂර වින්‍යාසය පිළිබඳ රීති සංග්‍රහයක් ද ඇතුළත් වේ. 

https://godage.com/product/sinhala-akshara-vinniyasaye-akaradiya/

__________________________________________________________



සිංහල සන්ධි අකාරාදිය

Sinhala Sandhi akārādiya (Dictionary of Sinhala Sandhi)

Colombo: Godage, 2014, 184p. Rs. 375.00 ISBN 978 – 955 – 30 – 4957 – 5

සිංහල සන්ධි අකාරාදිය නම් මේ කෘතියේ අරමුණ වන්නේ කිසියම් පදයක් සන්ධි වී ඇති ආකාරය සහ එම පදය අයත් වන්නේ කවර සන්ධි විධියකට ද යන්න ආධුනිකයන්ට පහසුවෙන් දැන ගැනීමට හැකි වන ආකාරයෙන් ඉදිරිපත් කිරීම යි . සිංහල ලේඛන ව්‍යවහාරයේ සන්ධි වී ඇති පද 2000ක් පමණ මේ කෘතියේ අකාරාදි පිළිවෙළින් දක්වා ඇති අතර සන්ධි විධි විමර්ශන නම් වූ ලේඛනයක් ද ඇතුළත් වේ.

__________________________________________________________


සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ

Sinhala puvatpat kalāvē purōgāmiyō (Pioneers of the Sinhala Press)

Colombo: Godage, 2012, 256p. Rs. 475.00

ISBN 978 -955 -30-3581-3

සිංහල පුවත්පත් කලාවේ ආරම්භයට මෙන්ම ව්‍යාප්තියට කටයුතු කළ සිංහල පුවත්පත් කතුවරුන් දහ අට දෙනකු පිළිබඳ තොරතුරු මේ කෘතියට ඇතුළත් වෙයි. සිංහල පුවත්පත් ඉතිහාසය හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම ලංකාවේ සමාජ සංස්කෘතික ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දක්වන පර්යේෂකයන්ට ද ප්‍රයෝජනවත් වන මුලාශ්‍රයකි. එම කතුවරුන්ගේ හා පුවත්පත්වල දුර්ලභ ඡායාරූප ද අඩංගු වේ. 

__________________________________________________________


මාර්ටින් වික්‍රමසිංහ
 පුවත්පත් කලා මෙහෙවර

Mārṭin Wikramasinha  puvatpat kalā mehevara (Martin Wickramasinghe – The Journalist)

Rajagiriya: Sarasa, 2012, 92p. Rs. 165.00 ISBN 978 – 955 – 0201-20-4 

මහ ගත්කරුවකු ලෙස ප්‍රසිද්ධියට පත් වීමට පෙර වසර විස්සකට වැඩි කාලයක් පූර්ණකාලීනව සිංහල පුවත්පත් කලාවේ නිරතව සිටි පත්‍ර කර්තෘවරයකු වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ භුමිකාව විමසා බැලෙන කෘතියකි. 

__________________________________________________________



සිංහල පුවත්පත් කලාවේ මෑත ඉතිහාසය

Sinhala puvatpat kalāvē mǣta itihāsaya (A Recent History of Sinhala Press)

Colombo: Godage, 2nd edition, 2012 [first edition – 1997] 56p. Rs. 150.00

ISBN 978 – 955 – 30 – 3694-0

1930 – 1995 කාලය තුළ දී මෙරට ඇති වූ සමාජීය, සංස්කෘතික හා දේශපාලනික වෙනස්වීම් සමග සිංහල පුවත්පත්වල සිදු වූ විකාශනය මේ පුස්තිකාවේ සාකච්ඡා ලක් කෙරේ. සිංහල පුවත්පත් කල්වේ මෑතකාලින ප්‍රවණතා හා සන්ධිස්ථාන පිළිබඳ ලුහුඬු ඉතිහාසයක් මෙහි දැක්වේ. 

__________________________________________________________


විසිවන සියවසේ සිංහල භාෂා ව්‍යවහාරය: සමාජවාග්විද්‍යාත්මක අධ්‍යයනයක්

Visivana siyavasē Sinhala bhāṣā vyavahāraya: samājavāgvidyātmaka adhyayanayak (Sinhala Usage of the Twentieth Century: a Sociolinguistic Study)

Colombo: Godage, 2010, 430p. Rs. 850.00 ISBN 978 -955 – 30 – 2223 -3

විසිවන සියවසේ සිංහල භාෂා ව්‍යවහාරයේ සමාජ දේශපලනික පසුබිම සාකච්ඡාවට ලක් කෙරෙන කෘතියකි. සිංහල භාෂා ව්‍යවහාරය කෙරේ බල පෑ සමාජ ඓතිහාසික හා සංස්කෘතික සාධක මෙන්ම භාෂා රීති ප්‍රතිසංස්කරණයක් මාර්ගයෙන් නූතන සිංහල ලේඛන ව්‍යවහාරය සකස් වූ ආකාරය  සමාජවාග්විද්‍යාත්මක ප්‍රවේශයකින් පැහැදිලි කර ඇත. 

https://godage.com/product/21-wana-siyawasye-sinhala-basha-vivaharaya/

__________________________________________________________


භාෂා මතවාදාත්මක ලිපි

Bhāṣā matavādātmaka lipi (Language Ideological Essays)

Colombo: Godage, 2008, 126p. Rs. 250.00 ISBN 978 – 955 – 30 – 0600  - 4

සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව මෙන්ම සමාජවාග්විද්‍යාත්මක සංකල්ප කීපයක් මුල් කර ගෙන රචනා වූ ලිපි 15ක් මේ කෘතියට ඇතුළත් වෙයි. සමාජවාග්විද්‍යාව හා සිංහල භාෂාවේ සමාජ ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයන්ට වැදගත් වෙයි.

__________________________________________________________



ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වීමේ විධික්‍රම

Sāstrīya lēkhanayaka mūlāśraya dækvīmē vidhikrama  ( Methods of Citing Sources in Academic Writing )

Colombo: Godage, 2006, 55p. Rs. 125. ISBN 955 -20 – 9191 -8

ශාස්ත්‍රීය ලේඛනයක මුලාශ්‍රය දැක්වීමේ  විධික්‍රම පිළිබඳව අවධානය යොමු කරමින් හාර්වඩ් හා චිකාගෝ ශෛලි  නිදර්ශන සහිතව පෙන්වා දෙන පුස්තිකාවකි.  ශාස්ත්‍රීය නිබන්ධ සම්පාදනයේ යෙදී සිටින විද්‍යාර්ථින්ට අවශ්‍ය අත්පොතකි.

__________________________________________________________


සිංහල භාෂාවේ දෙමළ වචන අකාරාදිය
( සරෝජිනී අරුණාචලම් සමග)

Sinhala bhāṣāvē demaḷa vacana akārādiya (A Dictionary of Tamil Words in Sinhala)

Colombo: Godage, 2002, 96p. Rs. 200.00 ISBN 955 – 20 – 5889 – 9

සියවස් ගණනවක් මුළුල්ලේ සිංහල බස් වහරට එක් ව ඇති දෙමළ වචන සමුදාය එක් රැස් කොට එහි දෙමළ භාෂා මූලයන් ද ගෙන හැර දක්වමින් පිළියෙල කරන ලද අකාරාදියකි. සිංහල භාෂාධ්‍යයනයේ යෙදී සිටින වාග්වේදීන්ට මෙන්ම දෙමළ භාෂාව පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්ථින්ට ප්‍රයෝජනවත් මුලාශ්‍රයකි. 

__________________________________________________________


භාෂානුරාගයේ දේශපාලනය

Bhāṣānurāgayē dēśapālanaya (The Politics of Language Loyalty)

Colombo: Godage, 1999, 266p. Rs. 300.00 ISBN 955 – 20 – 3642 – 9

මෙම කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගී කටයුතු හා ඉන්පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්‍රශ්නය පිළිබඳව විමර්ශනය කිරීම යි. සිංහල භාෂාවේ නූතන සමාජ ඉතිහාසය සමාජවාග්විද්‍යාත්මක ප්‍රවේශයකින් අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මේ කෘතිය ‍ ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් වේ.


__________________________________________________________

සිංහල අධ්‍යයනාංශයේ වෘත්තාන්තය

Sinhala adhyayanāṁśayē vṛuttāntaya (The Story of the Department of Sinhala)

Colombo: Department of Sinhala, 2019, 160p. ISBN 978 -955 – 97102 – 4 – 0

1944 දී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයක් හා ප්‍රථම සිංහල මහාචාර්ය පදවියක් ස්ථාපිත කිරීමට ඇති වූ පසුබිම හා 1967න් පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ඉතිහාසය සටහන් කිරීම යි.  කොළඹ හා පේරාදෙණිය සිංහල අංශ බිහි වීමේ පසුබිම හා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ඉතිහාසය හා මතක සටහන් අළලා ලියැවුණු ලිපි සංග්‍රහයකි. 

__________________________________________________________

එදිරිවීර සරච්චන්ද්‍ර - ජන්ම ශත සංවත්සර ශාස්ත්‍රීය සංග්‍රහය 1914 – 2014 ( අගලකඩ සිරිසුමන හිමි සමග)

Edirivīra Sarachchandra - janma śata saṁvatsara śāstrīya saṁgrahaya 1914 -2014 (Ediriweera Sarachchandra Birth Centenary Volume) 

Colombo: Samayawardhana, 2018, 304p. Rs. 650.00

ISBN 978 – 955 – 570 – 984 – 2

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් සම්පාදනය  වූ විචාරාත්මක ලිපි 23කින් සමන්විත වූ ශාස්ත්‍රීය සංග්‍රහයකි. 

__________________________________________________________



Anagarika Dharmapala and India – Sri Lanka Relations (150th Birth Anniversary Volume)

Colombo: Centre for Contemporary Indian Studies, University of Colombo, 2015, 105p.

ISBN 978 – 955 – 7687 – 01-8  

This volume contains five academic papers presented at the Symposium held in 2014 at the University of Colombo to mark the 150th birth anniversary of Dharmapala. In addition, the volume consists of two articles and a review of Steven Kemper’s new book on Dharmapala.

Ebook - https://sandagomicoperahewa.blogspot.com/2021/09/anagarika-dharmapala-and-india-sri.html

__________________________________________________________


One Hundred Years of Gitanjali 
1913 – 2013

Colombo: Centre for Contemporary Indian Studies, University of Colombo, 2015, 113p.

ISBN 978 – 955 – 7687 – 00- 1

The year 2013 marked the centenary of winning the Nobel Probe for Rabindranath Tagore’s poem Gitanjali. This is a collection of twelve essays written by Indian and Sri Lankan writers to explore the relevance and poetic value of Tagore’s Gitanjali.

__________________________________________________________




Remembering Rabindranath Tagore

150th Birth Anniversary Commemorative Volume

Colombo: University of Colombo, 2011, 133p.

A collection of essays written by both Indian and Sri Lankan authors provides new insights into the different aspects of Rabindranath Tagore’s diverse personality. 


Comments