Followers

කුමාරතුංග මුනිදාස අධ්‍යයනය (Study of Cumaratunga Munidasa)

කුමාරතුංග මුනිදාස අධ්‍යයනය, කොළඹ: එස්. ගොඩගේ සහෝදරයෝ, 2021, පිටු, 268 ( ගන කවරය හා වර්ණ ඡායාරූප සහිත යි).

Study of Cumaratunga Munidasa, Colombo: S. Godage Brothers, 2021, 268 pages (with hardcover and colour photos)

________________________________________________

මගේ අලුත් ම ශාස්ත්‍රීය ග්‍රන්ථය ‘කුමාරතුංග මුනිදාස අධ්‍යයනය’  නමින් පළ වී ඇත. මේ කෘතියේ අරමුණ වන්නේ කුමාරතුංග ජිවන චරිතය, භාෂා ශාස්ත්‍රීය සහ සමාජ දේශපාලනික මෙහෙවර සමාජවාග්විද්‍යාත්මක සහ සමාජ ඓතිහාසික දෘෂ්ටිකෝණයකින් ගවේෂණයට ලක් කිරීම යි. සමාජවාග්විද්‍යාත්මක පදනමක පිහිටා කුමාරතුංග අධ්‍යයනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙන මේ කෘතිය,  පරිච්ඡේද අටකින්  යුක්ත ය. එමෙන්ම කුමාරතුංග මුනිදාස මහතා පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක  යෙදෙන විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා වැදගත් වන ලේඛන හා දුර්ලභ ඡායාරුප  ගණනාවකින් යුක්ත උපග්‍රන්ථයකින් ද මේ කෘතිය සමන්විත ය. මේ පොත සම්පාදනය සඳහා නන් අයුරින් උපකාර කළ සැමටත් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළ සිරිසුමන ගොඩගේ මහතාටත් මගේ ස්තූතිය හිමි වේ.

Comments